ඉන්දියාව සහ රුසියාව ඉතිහාසයේ දැවැන්තම තෙල් ගිවිසුමක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

ඉන්දියාව සහ රුසියාව ඉතිහාසයේ දැවැන්තම තෙල් ගිවිසුමක

ඉන්දියාව සහ රුසියාව ඉතිහාසයේ දැවැන්තම තෙල් ගිවිසුමක

ඉන්දියාව සහ රුසියාව අතර වර්ධනය වෙමින් පවතින ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කරමින්, රුසියානු බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන රොස්නෙෆ්ට් සමාගම සහ ඉන්දියන් ඔයිල් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කොට සිටී.

 

යුක්‍රේන යුද්ධය හමුවේ බටහිර සහ යුරෝපා රටවල් රුසියානු තෙල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන බැවින් මේ වනවිට නව ගැනුම්කරුවන් සොයමින් සිටින රුසියාව, සිය මිත්‍රශීලී රටවල් තෙල් මිලදී ගන්නේ නම් වට්ටම් සහිතව තෙල් ලබාදීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

 

පසුගිය කාලයේ බටහිර සහ යුරෝපා රටවල් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරද්දී, ඉන්දියාව විසින් රුසියාවෙන් සිදුකරන තෙල් මිලදී ගැනීම් ඉහළ නංවනු ලැබූ අතර, එයට දක්වන අනුග්‍රහයක් වශයෙන් රුසියාව මේ වනවිට සුවිශාල වට්ටම් යටතේ ඉන්දියාවට තෙල් ලබා දෙන බව ද වාර්තා වන අතර, ඉරාකය සහ සවුදි අරාබිය අභිබවා යමින් මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරු බවට පත්වන්නට රුසියාවට හැකි වී තිබෙන බව ද වාර්තා වේ.
 

views

204 Views

Comments

arrow-up