මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝක පූජිත සම්මාන උළෙලක නිර්දේශිත නාම අතරට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝක පූජිත සම්මාන උළෙලක නිර්දේශිත නාම අතරට

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝක පූජිත සම්මාන උළෙලක නිර්දේශිත නාම අතරට

බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් ගේ සංගමය විසින් පවත්වනු ලබන "ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල" සඳහා ලැයිස්තුගත කර ඇති අවසන් නාම යෝජනා අතරට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ නම ද යෝජනා වී තිබෙන බව වාර්තා වේ.

 

මේ සඳහා නම් කර ඇති අවසන් තරගකරුවන් 06 දෙනා ගෙන් 05 දෙනෙකුම බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරනු ලබන විද්‍යාඥයින් වන අතර, ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ඒ අතරට ඇතුළත්වීම සුවිශේෂී කරුණක් වන බව ද සඳහන් වේ.  

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලබන මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා, මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රාමාණික විද්වතෙකු මෙන්ම වටිනා මානව සම්පතක් ද වේ.

 

ඔහුගේ නම යෝජනා වී තිබෙන මෙම සම්මාන උළෙල ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයින් ඇගයීම උදෙසා පවත්වනු ලබන ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර, අප්‍රේල් මස 20 වෙනිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිත මෙම උළෙලේ දී කාණ්ඩ 06 ක් යටතේ සම්මාන ලැබීම සඳහා අවසන් තරගකරුවන් 32 දෙනෙකු නම් කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
 

views

245 Views

Comments

arrow-up