අත් පොරොවකින් පහර දී සිඟිති දරුවන් හතරක් මැරූ බ්‍රසීලයේ හද කකියන ඛේදවාචකය

අත් පොරවක් රැගත් පුද්ගලයෙකු ඊයේ බ්‍රසීලයේ ළදරු පාසලකට කඩා වැදී එහි සෙල්ලම් කරමින් සිටි ළමුන් හතර දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙම හදිසි ප්‍රහාරයෙන් තවත් ළමුන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර සැකකරු එසේ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම ඛේදවාචකය වෙනුවෙන් බ්‍රසීල රජය දින 3 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර ඇති අතර, බ්‍රසීලයේ මෑත ඉතිහාසයේ මෙවැනි බරපතල සිදුවීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් වේ.
සැකකරු ප්‍රාන්ත පොලිස් ස්ථානයකට ගොස් භාර වී ඇති බවද සඳහන් වේ.
269 Views
Comments