උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදාබැලීමක්

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමක් සිදු කර ඇති බව දකුණු කොරියාව සහ ජපානය ප්‍රකාශ කර සිටී. මෙම තත්ත්වය හමුවේ ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝහි පදිංචිකරුවන්ට වෙනත් ස්ථානයකට යන ලෙස එරට බලධාරීන් දැනුම් දී ඇත.
හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් මිසයිලයක් දිවයින ආසන්නයට වැටෙනු ඇති බවට වැරදි අනාවැකි පළ කිරීමත් සමග බලධාරීන් මෙම දැනුම් දීම සිදු කොට ඇත. පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන බව දකුණු කොරියාව ප්‍රකාශ කරයි.
238 Views
Comments