"ඇමරිකාවේ සතුරා ඇමරිකාවමයි" - ට්‍රම්ප්ගෙන් සැර  කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

"ඇමරිකාවේ සතුරා ඇමරිකාවමයි" - ට්‍රම්ප්ගෙන් සැර  කතාවක්

"ඇමරිකාවේ සතුරා ඇමරිකාවමයි" - ට්‍රම්ප්ගෙන් සැර  කතාවක්

ඇමරිකාවට තර්ජන එල්ලවන්නේ රුසියාවෙන් හෝ චීනයෙන් නොව ඇමරිකාව තුළින්ම බව එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.

 

රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටින්නේ ඇමරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා අන් කවරෙකුවත් නොව එරට තුළ ජීවත්වන අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම් බවයි.

 

 ඇමරිකාවට රුසියාව සහ චීනය සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත්, තායිවානය සමග සබඳතා ඇරඹීම ඇමරිකානු රජය විසින් සිදු කළ අනවශ්‍ය ප්‍රශ්න පටලා ගැනීමත් බව කියා සිටින හිටපු ජනපතිවරයා, රුසියානු ජනපති පුටින් යුක්‍රේනය සමග පැටළුණහොත් අත්විඳින්නට සිදුවන අතුරු විපාක පිළිබඳ තමා කලින් ප්‍රකාශ කොට තිබූ බවද කියා සිටී.

 

එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නෝර්ඩ් ස්ට්‍රීම් ඉන්ධන ප්‍රවාහන නළ පද්ධතියේ සිදුවූ පිපිරීම පිළිබඳ සැක පහළ කරන හිටපු ජනපති ට්‍රම්ප්, එය සිදු කළේ කවුරුදැයි තමාට පැවසිය නොහැකි වුවත් එය රුසියාව විසින්ම සිදු කළ දෙයක් නොවන බවට තමා හොඳාකාරවම දන්නා බව අවධාරණය කර සිටියේය.
 

views

194 Views

Comments

arrow-up