මැලේසියාවත් ඩොලරයට පයින් ගසයි - අගමැතිගෙන් විශේෂ යෝජනාවක්

සිය රටට ආයෝජන ගෙන්වා ගැනීමේදී ඩොලරය මත යැපීම තවදුරටත් සිදු නොවිය යුතු බවට චීනයේ සංචාරයක් අවසන් කර සිය රටට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කොට තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසෙක ලා, ආසියානු රටවල් එක්ව ආසියානු මූල්‍ය අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ලෙස තමා කළ යෝජනාවට මුලින් ආසියාවේ එතරම් ප්‍රතිචාර නොලැබුණු නමුත්, දැන් දැන් බලවත් ආසියානු රටවල් ඒ කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවද කියා සිටි අග්‍රාමාත්‍යවරයා චීනය, ජපානය ඇතුළු ප්‍රධාන ආසියානු රටවල ආර්ථිකයන් ශක්තිමත් වෙමින් පවතින පසුබිමක ඒ පිළිබඳ යළිත් අවධායය යොමු කල යුතු බවද කියා සිටී.
එසේම, මැලේසියාව වැනි රටකට අයෝජන ගෙන්වා ගැනිමේදී අනෙක් රටවල් සමග සාකච්ඡා කොට එම රටවල මුදල් භාවිතා කිරීම මැලේසියානු ආර්ථිකයට වඩාත් හිතකර වේ යැයි ද ඒ මහතා සඳහන් කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
219 Views
Comments