බිලියනපතියන් වෙසෙන ලොව ධනවත්ම නගර මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

බිලියනපතියන් වෙසෙන ලොව ධනවත්ම නගර මෙන්න

බිලියනපතියන් වෙසෙන ලොව ධනවත්ම නගර මෙන්න

ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව තිබේ. මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර  2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇත්තේ නිව්යෝර්ක් නගරයයි. එහි මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවන අතර මිලියනපතියන් 340,000 ක් ද බිලියනපතියන්  58 ක් ද වෙසෙන බව සඳහන් වේ.

 

ලොව ධනවත්ම නගර අතර දෙවන ස්ථානය මිලියනපතියන් 290,300 ක් වෙසෙන ජපානයේ ටෝකියෝ නගරයටත් තෙවන ස්ථානය මිලියනපතියන් 285,000 ක් වෙසෙන ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ප්‍රදේශයටත් හිමිව තිබේ.

 

ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ නගර ද ඇතුළත්ව ඇමෙරිකාවේ නගර 04 ක් ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත්වීම විශේෂත්වයක් වන අතර චීනයේ බීජිං හා ෂැංහයි, ලන්ඩන්, සිංගප්පූරුව, හොංකොං සහ සිඩ්නි 2023 වසරේ ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත් සෙසු නගර වෙයි.

views

260 Views

Comments

arrow-up