සුඩානයේ සටන් විරාමයක්

සුඩානය තුළ පැය 24 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
රජයේ හමුදාව සහ නිල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් යන දෙපාර්ශ්වයම සටන් විරාමය සඳහා කැමැත්ත පළ කර ඇති බව සඳහන් වන අතර, එරට වේලාවෙන් අද පස්වරු 06.00 සිට බලපැවැත්වෙන පරිදි එම සටන් විරාමය ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
ඒ අනුව කාර්ටුම් අගනුවර දකුණු ප්‍රදේශයේ ගැටුම් නතර වී ඇති නමුත්, අගනුවර සෙසු ප්‍රදේශ කිහිපයක සතුටුදායක තත්ත්වයක් නොපවතින බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී.
වෛද්‍යවරුන්ට සහ අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වීම නිසා සුඩානයේ අගනුවර රෝහල්වල කටයුතුද අඩපණ වී ඇති බව වාර්තා වේ.
දින කිහිපයක් පුරා සුඩාන හමුදාව සහ අවි ගත් කණ්ඩායම් අතර පවතින දරුණු සටන් හමුවේ පුද්ගලයින් 200 කට අධික පිරිසක් මියගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
255 Views
Comments