කාබුල් ගුවන්තොටුපොළට පහරදුන් මහමොළකරු ඝාතනය කෙරේ

2021 වසරේ කාබුල් ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ මහ මොළකරු ලෙස සැලකෙන අයි. එස්. ත්‍රස්ත නායකයා තලේබාන් සටන්කාමීන් විසින් ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මොහු මීට සති කිහිපයකට පෙර මියගොස් ඇති බවට වාර්තා පළ වුවද එම මරණය තහවුරු කිරීමට කාලයක් ගත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
කෙසේ වෙතත්, මියගිය අයි. එස්. නායකයාගේ නම මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වේ.
තලේබාන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තානයෙන් පලායාමට උත්සාහ කරමින් සිටි ජනතාව ඉලක්ක කර 2021 අගෝස්තු මාසයේදී කාබුල් ගුවන් තොටුපළේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් සිවිල් වැසියන් 170 දෙනෙකු සහ ඇමරිකානු හමුදා සෙබළුන් 13 දෙනෙකු මිය ගිය බව සඳහන් වේ.
263 Views
Comments