ඇෆ්ගනිස්ථානයේ දරුණු ආර්ථික කඩා වැටීමක්

තලෙයිබාන්වරුන්ගේ පාලනයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ ආර්ථික පසුබෑමක් දක්නට ලැබෙන බව ජගත් සංවිධානය පවසා තිබේ.
එම සංවිධානය සඳහන් කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් 90% ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.
මිලියන 34 ක් පමණ වන මුළු ජනගහනයෙන් පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුට නිසි ආහාර වේලක් නොලැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත.
තලෙයිබාන්වරුන් කාන්තාවන් සඳහා පනවා ඇති සීමා හේතුවෙන් එරට රාජ්‍ය නොවන සංවිධාන 150 කට වැඩි ප්‍රමාණයක් ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම නිසා එරටට විදෙස් ආධාර ද හිමි නොවීමේ තත්ත්වයක් උද්ගත වී ඇත.
228 Views
Comments