ලොව පුරා පොසිල ඉන්ධන භාවිතය පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

ලොව පුරා පොසිල ඉන්ධන භාවිතය පහළට

ලොව පුරා පොසිල ඉන්ධන භාවිතය පහළට

මේ වසරේදී ලෝකයේ විදුලි නිෂ්පාදනයට පොසිල ඉන්ධන භාවිත කිරීම අඩුවනු ඇතැයි නවතම වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. 

 

 

ලෝකප්‍රකට පුනර්ජනනීය බලශක්ති විශ්ලේෂණ ආයතනයක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

 

 

මෙය පෘථිවියේ යහපැවැත්මට හිතකර තත්ත්වයක් මෙන්ම බලශක්ති උත්පාදනයේද හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි විද්‍යාඥයන් පවසා ඇත.

 

 

විදුලි උත්පාදනයට පොසිල ඉන්ධන භාවිත කිරීම වාර්ෂිකව පහත වැටෙන පළමු අවස්ථාව මෙය වන අතර පුනර්ජනනීය විදුලි උත්පාදනය මීට හේතුවයි.

 

 

සුළං සහ සූර්ය බලය මගින් මේ වනවිට ගෝලීය විදුලි අවශ්‍යතාවෙන් 12% ක් සම්පූර්ණ වන බවත් මේ වසරේදී වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීමට පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රයට හැකිවනු ඇති බවත් විද්‍යාඥයන් අනුමාන කරයි.

views

306 Views

Comments

arrow-up