ඇමරිකාව ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක - ඩොනල්ඩ් ට්‍රම්ප් කරන හෙළිදරවුව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ඇමරිකාව ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක - ඩොනල්ඩ් ට්‍රම්ප් කරන හෙළිදරවුව

ඇමරිකාව ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක - ඩොනල්ඩ් ට්‍රම්ප් කරන හෙළිදරවුව

ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවනු ඇති බවට ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.

 

ඇමරිකාව මේ වන විට කඩා වැටෙමින් පවතින රාජ්‍යයක් බවද, ඇමරිකාව සතුව තිබූ අධිරාජ්‍යවාදී බලය ගිලිහෙමින් පවතින බවද කියා සිටින හිටපු ජනපතිවරයා, ඇමරිකාවට ලෝකයේ හිමිව තිබූ ස්ථානය කෙමෙන් අහිමි වෙමින් පවතින බවද කියා සිටී.

 

මෙම තත්වය අවුරුදු 200 ක කාලයක් තුළ ඇමරිකා එක්සත් ජනපදය ලබන දැවැන්තම පරාජය ලෙස පෙන්වා දෙන ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපද ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරුන් අතර ජෝ බයිඩන් පෙරමුණේම සිටින බවත්, ඇමරිකාවට වැඩිම හානියක් සිදු කළ පුද්ගලයා අන් කිසිවෙකුවත් නොව ජෝ බයිඩන් බවටත් චෝදනා කර සිටී.
 

views

290 Views

Comments

arrow-up