BOAO ආසියා සංසදයේ වාර්ෂික සමුළුව චීනයේදී

BOAO ආසියා සංසදයේ වාර්ෂික සමුළුව මාර්තු 28 සිට 31 දක්වා චීනයේ හයිනාන් ප්‍රාන්තයේ පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ “අවිනිශ්චිත ලෝකයක සංවර්ධන අභියෝග සඳහා ස්ථාවරත්වය සහ සහයෝගිතාව” යන්නයි.
මෙම සමුළුවට රටවල් 50 ක් පමණ සහභාගී වන අතර එම රටවල් නියෝජනය කරමින් 2000 ක් පමණ පිරිස සහභාගී වන බවත්, කොවිඩ් 19 වසංගතය පාලනයෙන් පසු චීනයේ හයිනාන්හි පැවැත්වෙන ප්‍රථම සහ විශාලතම රාජ්‍ය සමුළුවද මෙය වන බවත් සඳහන් වේ.
ගෝලීය ආර්ථික දැක්ම, ගෝලීය භූ දේශපාලන දැක්ම, නවීකරණය සඳහා චීනයේ ගමන් මග, තාක්ෂණික තරඟකාරීත්වය සහ සහයෝගීතාව, නිවර්තන කෘෂිකාර්මික සහයෝගීතාව සහ අපේක්ෂාවන් මෙන්ම තවත් බොහෝ මාතෘකා පිළිබඳව ඊයේ දිනයේ සාකච්ඡා මණ්ඩප කිහිපයක් පැවැත්වූ බව සඳහන් වේ.
ඉකුත් වසර 5 තුළ හයිනාන් දිවයිනේ සංවර්ධනය සහ ඉදිරි දැක්ම පිළිබඳව ද කරුණු අනාවරණය කෙරුණු අතර නිදහස් වෙළෙඳ වරාය ගොඩ නැගීම තුළ ඉන්දියන් සාගරය අවට රටවල් සහ ආසියානු රටවල් සමග ආර්ථික කටයුතු සිදු කිරීම පහසු වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලයලත් නිලධාරියෙකු සඳහන් කර සිටියේය.
2023 BOAO ආසියා සමුළුව නිල වශයෙන් ආරම්භය අද දිනයේ සිදු කිරීමට නියමිත අතර, එහි ප්‍රධාන දේශනය සඳහා චීනයේ අගමැති Li Qiang මහතා සහභාගී වීමට නියමිත වන බවත්, මෙම අවස්ථාවට රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවත් වාර්තා වේ.
194 Views
Comments