MAR
30
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
86 හැවිරිදි වියේ පසුවන පාප් වහන්සේ රෝමයේ ජෙමෙයිලා රෝහලට ඇතුළත් කර ඇති අතර, පාස්කු සැමරුම්වලට අදාලව කාර්යබහුල වීම හේතුවෙන් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවත්, ලෝක නායකයින් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් අනාවරණය කරයි.
256 Views
Comments