තුන්වැනි චාල්ස් රජු ජර්මනියේ සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

තුන්වැනි චාල්ස් රජු ජර්මනියේ සංචාරයක

තුන්වැනි චාල්ස් රජු ජර්මනියේ සංචාරයක

තුන්වැනි චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ රජ බවට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු සංචාරය සඳහා තම මෙහෙසිය වන කැමිලා පාකර් සමග ජර්මනියට පැමිණි බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර ඊයේ පෙරවරුවේ බර්ලිනයේ රජයේ ගුවන් තොටුපළ වෙත ගොඩ බෑ රාජකීයයන් පිළිගන්නට ආචාර වෙඩිමුර 21 ක්ද, ජර්මනිය විසින් සූදානම් කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

ජර්මනියට පැමිණි රජු සහ රැජිණ පිළිගැනීම සඳහා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මීර් සහ ඔහුගේ බිරිඳ පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය රජුගේ තෙදින නිල සංචාරය අතරතුර දී ජර්මන් පාර්ලිමේන්තුව ඇමතීමට බලාපොරොත්තු වන බවත්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ශෝල්ස්වද හමුවීමට නියමිත බව වාර්තා වේ.

 

මේ අතර රජුගේ මෙම සංචාරය සම්බන්ධයෙන් රාජකීය පවුලේ ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම සංචාරයේදී සුවිශේෂි පාර්ශවයන් කිහිපයක් හමුවීමට සූදානම් වන බවත්, රාජ්‍යයන් දෙකෙහි මිත්‍රත්වය පිළිඹිබු කිරීමට මෙම සංචාරය යොදා ගත් බවය.

views

217 Views

Comments

arrow-up