ධවල මන්දිරයේ වැටෙන් පැන්න කුඩා දරුවා

ඇමරිකාවේ කුඩා පිරිමි දරුවෙකු ආරක්ෂක වැටෙන් පැන ධවල මන්දිරයේ භූමි සීමාවට ඇතුළු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක වැටෙහි කණු දෙකක් අතර පවතින අගල් පහ හමාරක් පමණ වන පටු ස්ථානයකින් දරුවා ධවල මන්දිරයේ භූමි සීමාව වෙත ඇතුළු වී ඇති බවයි.
එම අවස්ථාවේදී ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටින ඇමරිකානු රහස් සේවා පොලිසියේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී දරුවා ඔහුගේ මව්පියන් වෙත භාර දී තිබේ.
එක් නිලධාරියෙකු ධවල මන්දිර භූමියේ සිට දරුවා ඔසවා ගෙන පැමිණෙන අයුරු දැක්වෙන ඡායාරූපද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුන අතර එම අවස්ථාවේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද ධවල මන්දිරය තුළ සිට ඇත.
230 Views
Comments