යුක්රේන දේශසීමාව අසලදී රුසියානු දුම්රියක් පීලි පනී

යුක්රේන දේශසීමාව ආසන්නයේදී රුසියානු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇත.
විදෙස් මාධ්‍ය පවසා ඇති පරිදි එම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත්තේ පිපිරීමක් හේතුවෙනි.
මෙහි විශේෂත්වය නම් මෙම සිද්ධිය වාර්තා වනුයේ රුසියාවට එරෙහිව යුක්රේනය ප්රතිප්රහාරයකට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙමින් ඇති පසුබිමක් තුළ වීමයි.
තවද දින 04 ක් තුළ පීලිපැනීමකට ලක් වූ රුසියාවේ දෙවන දුම්රිය මෙය වේ.
මීට පෙරද සැකකටයුතු ඩ්‍රෝන යානයක් මගින් රුසියාව, යුක්රේන තෙල් ගබඩාවකට පහර දී ඇති බව වාර්තා විය.
ඉන් අනතුරුව වාර්තා වූයේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර විදුලි රැහැන් පුපුරුවා හැර ඇති බවයි.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ 2014 දී රුසියාව විසින් යුක්රේනයෙන් ඈඳා ගනු ලැබූ ක්රිමියාව ඉලක්ක කර ඉකුත් දින කිහිපය පුරා ප්‍රහාර එල්ල වූ බවයි.
269 Views
Comments