සර්බියාවේ පාසලකදී හතර අතේ වෙඩි තැබූ සිසුවා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

සර්බියාවේ පාසලකදී හතර අතේ වෙඩි තැබූ සිසුවා

සර්බියාවේ පාසලකදී හතර අතේ වෙඩි තැබූ සිසුවා

සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළ 14 හැවිරිදි සර්බියානු සිසුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් සිසුන් 8 දෙනෙකු සහ පාසල් ආරක්ෂකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

මෙම සිසුවා එම වෙඩි තැබීම සිදුකර තිබුණේ සිය පියාගේ ගිනි අවිය භාවිතා කරමින් බව සඳහන් වේ.

 

ප්‍රහාරයෙන් තවත් සිසුන් 06 දෙනෙකු සහ ගුරුවරයෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

 

ප්‍රහාරයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මක වේ.

views

245 Views

Comments

arrow-up