ලෝකයේ උසම දුම්රිය පාලම විවෘත කිරීමට ඉන්දියාව සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ලෝකයේ උසම දුම්රිය පාලම විවෘත කිරීමට ඉන්දියාව සැරසේ

ලෝකයේ උසම දුම්රිය පාලම විවෘත කිරීමට ඉන්දියාව සැරසේ

ලොව උසම දුම්රිය පාලම විවෘත කිරීම සඳහා සියළු කටයුතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන කටයුතු භාර අමාත්‍ය විජෛයි කුමාර් සිංග් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටින අතර චෙනාබ් ගඟ හරහා ළඟදීම විවෘත කිරීමට නියමිත මෙම පාලම ලෝකයේ උසම දුම්රිය පාලම බව වාර්තා වේ.

 

පැරීසියේ අයිෆල් කුළුනට වඩා වැඩි උසකින් යුත් මෙම පාලම ඉදි කිරීම මගින් නායයෑම, හිමපතනය, ජල ගැලීම්, සහ ගස් කඩා වැටීම් වැනි ප්‍රවාහන කටයුතු සඳහා බාධා අවම කර ගැනීමට හැකි බව එහි ඉදිකිරීම් භාර ඉංජිනේරු සමාගම ප්‍රකාශ කර සිටී.

 

ඕනෑම කාලයකට සරිලන ලෙස ඉදිකිරීමට යන මෙම පාලම දකුණු ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් දිස්ත්‍රික්කයේ සිට ඉන්දීය අගනුවර දක්වා හැකි ඉක්මනින් සාදා නිම කිරීමට පියවර ගෙන ඇති බවත්, 1990 වර්ශයේදී පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් මෙය නිම කිරීම සඳහා වැය ‍වී ඇති මුළු මුදල ඩොලර් මිලියන 168 ක් බවත් සඳහන් වේ.

views

335 Views

Comments

arrow-up