කැනඩාව කැළඹු ටොරෙන්ටෝ ගුවන්තොටුපලේ රත්‍රන් මංකොල්ලය

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපොලේ තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ඉන් පිට කිරීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ගුවන්තොටුපොලේ බහාලුමක තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 1,633 ක් මෙලෙස එහි නොමැති බව අනාවරණය වී ඇති අතර, ඒ සමගම ආරක්ෂක අංශ විසින් මෙම රත්‍රං තොගයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ රත්‍රං තොගය පිට කිරිම සම්බන්ධයෙන් එරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් සම්බන්ධයෙන් සැක මතුව ඇති බවයි.
238 Views
Comments