රාජ්‍ය රහස් හෙළි කළ 21 හැවිරිදි ඇමෙරිකානු ගුවන් භටයා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

රාජ්‍ය රහස් හෙළි කළ 21 හැවිරිදි ඇමෙරිකානු ගුවන් භටයා

රාජ්‍ය රහස් හෙළි කළ 21 හැවිරිදි ඇමෙරිකානු ගුවන් භටයා

රහස්‍ය දත්ත රැසක් අන්තර්ජාලයට මුදාහැර ලෝකය හමුවේ ඇමරිකාව අපහසුතාවයට පත් කළ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

21 හැවිරිදි වියේ පසුවන ඇමරිකානු ගුවන්හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙක් මෙලෙස එෆ්.බී.අයි. නිලධාරීන් විසින් බොස්න්හිටන්හීදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඇමෙරිකානු බලධාරීන් සඳහන් කර සිටින්නේ රජයේ රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවට පත්කර ඇති ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පවරන බවයි.

 

පසුගියදා අන්තර්ජාලයට මුදා හැර තිබූ එම රහස්‍ය දත්ත හරහා ඇමරිකාවේ මිත්‍ර පාර්ශ්වීය රටවල් වල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුද උපක්‍රම ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් අනාවරණය විය.

 

ඔහු විසින් අනාවරණය කරන ලද ලේඛන මගින් යුක්‍රේනයේ යුද්ධය සහ එක්සත් ජනපදය මිත්‍ර පාක්ෂිකයන් පිළිබඳ ඔත්තු බැලීම පිළිබඳ බුද්ධි තොරතුරු ද හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

views

191 Views

Comments

arrow-up