චීනය සෝයා ආනයනය සීමා කරයි

සත්ව ආහාර ලෙස සෝයා භාවිතයට ගැනීම අවම කිරීම සඳහා චීන කෘෂිකර්ම අමාත්‍යාංශය තුන් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් එළිදක්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මේ වන විට 14.5% ක් ලෙස පවතින එරට සත්ත්වයින් සඳහා භාවිතයට ගන්නා සෝයා ප්‍රතිශතය 2025 වසර වන විට 13.5% ක අගයක පවත්වාගෙන යාම එහි අරමුණ වී තිබෙන බව සඳහන් වේ.
ලෝක වෙළඳපොලේ 60% කට අධික සෝයා බෝංචි ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ චීනයෙන් වන අතර වසරකට ඔවුන් ඇමරිකාවෙන්, එක්සත් ජනපදයෙන් සහ බ්‍රසීලයෙන් සෝයා බෝංචි ටොන් මිලියන 90 කට අධික ප්‍රමාණයක් මිලදී ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
232 Views
Comments