චාල්ස් රජුගේ රුව මුදල් නෝට්ටු වලට

එංගලන්ත බැංකුව විසින් චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
පවුම් 5, 10, 15 සහ 20 නව නෝට්ටු මෙසේ මුද්‍රණය කෙරෙන අතර, මෙම නෝට්ටු සංසරණයට එක් කෙරෙන්නේ 2024 වසරේ මැද භාගයේ වන බව ද වාර්තා වේ.
ටෙලර් යන්ත්‍ර සහ බැංකු කවුන්ටර් වලට මෙම නව නෝට්ටු හඳුනා ගැනීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වීම ඊට හේතු වන බව ද වාර්තා වන අතර, නව නෝට්ටු වලට ප්‍රථම පැන්ස 50 කාසියක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවට එරට මාධ්‍ය වැඩිදුරටත් වර්තා කර සිටී.
215 Views
Comments