ඉන්දියන් සාගරයේ සැරිසරන චීන‌ නෞකාවක් ගැන ඉන්දියාව විමසිල්ලෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ඉන්දියන් සාගරයේ සැරිසරන චීන‌ නෞකාවක් ගැන ඉන්දියාව විමසිල්ලෙන්

ඉන්දියන් සාගරයේ සැරිසරන චීන‌  නෞකාවක් ගැන ඉන්දියාව විමසිල්ලෙන්

චීනයට අයත් Hai Yang Shi You 760 නම් භූ කම්පන සමීක්ෂණ යාත්‍රාව පසුගිය දෙසැම්බර් 29 වනදා රාත්‍රියේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ඇත.

 

 

ඉකුත් ජනවාරි මාසයේ සිට එම යාත්‍රාව බෙංගාල බොක්ක ආශ්‍රිත සුවිශේෂී ආර්ථික කලාපයක් වන බංග්ලාදේශ මුහුදු සීමාවේ තෙල් හා ගෑස් ගවේෂණයක් සිදු කරමින් සිටී.

 

 

මෙම චීන සමීක්ෂණ යාත්‍රාව පිළිබඳව ඉන්දියාව ඉතා සැලකිල්ලෙන් පසුවන අතර එම නෞකාවට ඉන්දියානු සුවිශේෂී ආර්ථික කලාපයේ කිසිදු සමීක්ෂණ කටයුත්තකට ඉඩ නොදෙන ලෙස ඉන්දීය නාවික හමුදාව අධීක්ෂණය කරන බව වාර්තා වේ.

 

 

පසුගිය අගෝස්තු මාසයේදී චීනයට අයත් Yuan Wang 5 නමැති නෞකාව අවශ්‍ය සැපයුම් ලබාගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණීම ඉන්දියාව, චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මත්භේද ඇති කිරීමටද හේතු වී ඇත.

views

206 Views

Comments

arrow-up