කොණ්ඩය කැපුවැයි උරණ වී 8 වසරේ සිසුවෙක් උඩුමහලින් පනී

තම කොණ්ඩය කැපීම නිසා කෝපයට පත් 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු මහල් නිවාසයක ඉහළ මහලෙන් පැන සියදිවි හානි කර ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
මෙම පිරිමි ළමයාගේ ඥාතියෙකු විසින් ඔහුව සැලුනයකට කැඳවාගෙන ගොස් ඔහුගේ කොණ්ඩය කොටට කපා දමා ඇති අතර, එයින් කෝපයට සහ සිත්තැවුලට පත් මෙම සිසුවා පසුගිය අගහරුවාදා 11.30 ට පමණ ඔවුන් පදිංචිව සිටි භයන්දර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ 16 වැනි මහලේ නාන කාමරයේ ජනේලයෙන් බිමට පැන ඇති බව වාර්තා වේ.
ලේ විලක් මැද වැටී සිටියදී, මෙම සිසුවා හමුවී ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පවසා සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවගාර් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
251 Views
Comments