අධික කෝපය දරාගත නොහැකිව ජංගම දුරකථනයක් ගිලදැමූ දැරිය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

අධික කෝපය දරාගත නොහැකිව ජංගම දුරකථනයක් ගිලදැමූ දැරිය

අධික කෝපය දරාගත නොහැකිව ජංගම දුරකථනයක් ගිලදැමූ දැරිය

අධික කෝපයට පත් ඉන්දියාවේ බින්ද් දිස්ත්‍රික්කයේ අමායාන් ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ජංගම දුරකථනයක් ගිල දැමූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

 

ඇගේ පවුලේ සාමාජිකයින් විසින් ඇයව බින්ද් දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් තිබෙන අතර, ඇගේ තත්ත්වය බලපතල වීම හේතුවෙන් වෛද්‍යවරු ඇයව ග්වාලියර් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

දැරියගේ උදරයෙන් දුරකථනය පිටතට ගැනීමට ඇයව පැයක පමණ කාලයක ශල්‍යකර්මයකට ලක් කිරීමට සිදු වූ බව වෛද්‍යවරුන් කියා සිටින අතර, මේ වන විට දැරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වේ.

views

233 Views

Comments

arrow-up