කේරළයේදී කෝටි දෙකක රත්‍රන් රේගු භාරයට

ඉන්දීය රේගු බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී කේරළයේ කෝලිකූඩ් ගුවන්තොටුපොලේදී නීති විරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ ඉන්දීය රුපියල් කෝටි දෙකකට අධික රත්‍රන් තොගයක් ඉන්දීය රේගු බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම රත්‍රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් තුනහමාරකට අධික බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනෙකු මෙම රත්‍රං තොගය කරල් ලෙස සකස් කර තම සිරුර තුළ සඟවා ගෙන යාමට උත්සාහ කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
197 Views
Comments