යුක්‍රේනය ගොඩ ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර

රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනයේ කඩා වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 15.6 ක ණය මුදලක් අනුමත කර ඇති අතර, එම වෙන් කළ මුදලින් ඩොලර් බිලියන 2.7 ක් ක්ෂණිකව ලබාදීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ගෝලීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලොව රටවල් සඳහා වෙන්කර ඇති මුදල ඩොලර් බිලියන 115 ක් බව සඳහන් වේ.
197 Views
Comments