යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාවට සහය දී නැතැයි චීනය කියයි

යුක්‍රේන - රුසියා යුද්ධයේදී චීනය කිසි විටෙකත් රුසියාවට සහය දැක්වීමක් සිදු කොට නොමැති බවට යුරෝපා සංගමයේ චීන තානාපති ෆු - කොන්ග් ප්‍රකාශ කොට සිටී.
රුසියාව සහ චීනය අතර වන මිත්‍රත්වයට සීමාවක් නොමැති බවට සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් වැරදි ලෙස අර්ථ නිරූපණය කොට ඇතැයි පවසන ඔහු, චීනය විසින් රුසියාවට හමුදා ආධාර ලබා දී නොමැති අතර ක්‍රිමියාව ඇතුළු යුක්‍රේනයේ ප්‍රදේශ යටත් කර ගැනීමට දරන රුසියානු උත්සාහය පවා ඔවුන් විසින් හෙළාදැක තිබෙන බව සඳහන් කරයි.
228 Views
Comments