සමාජගත නොවූ දකුණු කොරියානු තරුණයින් ගැන එරට රජයේ විශේෂ අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

සමාජගත නොවූ දකුණු කොරියානු තරුණයින් ගැන එරට රජයේ විශේෂ අවධානය

සමාජගත නොවූ දකුණු කොරියානු තරුණයින් ගැන එරට රජයේ විශේෂ අවධානය

සමාජගත නොවූ දකුණු කොරියානු තරුණයින් සමාජගත කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 500 බැගින් මාසික දීමනාවක් ලබා දීමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

වයස අවුරුදු 19 ත් 39 ත් අතර තරුණ පිරිසෙන් 3.1% ක් පමණ මෙලෙස හුදෙකලා වී සිටින බව එරට රජය හඳුනාගෙන ඇති අතර, මූල්‍ය දුෂ්කරතා, මානසික රෝග, පවුල් ගැටලු හෝ සෞඛ්‍ය අභියෝග හේතුවෙන් දකුණු කොරියාවේ තරුණ පිරිස් සමාජයෙන් ඈත් වී යන බවට අනාවරණය වී තිබේ.

 

මෙලෙස මසකට වොන් 650,000 හෙවත් ඩොලර් 500 ක් වෙන් කරනු ලබන්නේ සමාජයෙන් අතිශයින්ම ඉවත්ව සිටින පුද්ගලයින්ට මෙන්ම භාරකරුවකු හෝ පාසල් ආරක්ෂාවක් නොමැති තරුණයින් අරමුණු කරගෙන සිදු කෙරෙන තරුණ සුබසාධන ආධාරක පනතට අනුවයි.

 

මෙම මූල්‍යාධාරය ලැබීම සඳහා හතර දෙනෙකුගෙන් යුත් නිවසක මාසික ආදායම ඩොලර් 4,164 ක් විය යුතු ලෙසට ගණනය කර ඇති අතර, අඩු ආදායම්ලාභී නිවෙස් වල ජීවත් වන වයස අවුරුදු 9 සිට 24 දක්වා පිරිසටද මෙම දීමනාව හිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
 

views

219 Views

Comments

arrow-up