ඝානාවේ මැලේරියාව මැඩලන්න දැවැන්ත පියවරක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

ඝානාවේ මැලේරියාව මැඩලන්න දැවැන්ත පියවරක්

ඝානාවේ මැලේරියාව මැඩලන්න දැවැන්ත පියවරක්

ඝානා රාජ්‍යය මැලේරියා පරපෝෂිතයා මර්දනය කිරීම සඳහා වසර ගණනාවක් පුරා ඔක්ස්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පර්යේෂණ කර නිපදවූ එන්නත භාවිතා කිරීම ආරම්භ කළ ලොව ප්‍රථම රට බවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

R-21 නමින් නම්කර ඇති මෙම නවතම එන්නත "ලෝකය වෙනස් කරන්නා" යන නමින් ද හඳුන්වනු ලැබේ.

 

එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෙටි කලකින් නිල වශයෙන් අනුමත කිරීමට නියමිත බවයි.

 

මේ වන විට ළමුන් 5,000 කට මෙම එන්නත ලබාදී ඇති අතර ඉන් ලැබෙන ප්‍රතිඵල මත මෙම එන්නතට ලොව පුරා පිළිගැනීමක් ලැබෙණු ඇති බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය ආචාර්යවරුන් පවසා තිබෙන බව සඳහන් වේ.

 

වයස මාස 5 හේ සිට අවුරුදු 3 දක්වා වූ වයස් කාණ්ඩයේ ළමුන් හට එන්නත ලබාදීම සඳහා ඝානා ආහාර හා ඖෂධ අධිකාරිය අනුමැතිය ලබා දී තිබේ.

 

ඝානාවේ මැලේරියාවෙන් වාර්ෂිකව මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව හය ලක්ෂ විසිදහසක් පමණ වන බවත් ඉන් බහුතරයක් කුඩා ළමුන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
 

views

242 Views

Comments

arrow-up