කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය සෙබළු පහක් මරුට

කාශ්මීරයේ හිමාල කඳුකර ප්‍රදේශයේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර එම ප්‍රහාරය අධික වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණ තත්වයක් පවතින අවස්ථාවකදී හමුදා සාමාජිකයින් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල කොට තිබේ.
එම ප්‍රහාරය හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදු කොට ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත.
234 Views
Comments