ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය තහනමක්

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය තහනමක්

ඇමරිකානු සෙනෙට් මණ්ඩලය එරට වයස අවුරුදු 13 ට අඩු ළමයින් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශවීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් ගෙන ඒමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

ඇමරිකාව පුරා සමාජ මාධ්‍ය භාවිතයට ජාතික වයස් සීමාවක් ප්‍රකාශයට පත්කරමින් හඳුන්වා දුන් නව ද්විපාර්ශ්වික යෝජනාවක් හරහා එම තහනම පැනවීමට නියමිතය.

 

 

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය යෙදවුම් භාවිතයට පෙර නව යොවුන් වියේ පසුවන ළමුන් දෙමාපියන්ගෙන් අදාල ගිණුම් නිර්මාණය කිරීමට අනුමැතිය ලබා ගත යුතු බවද එම කෙටුම්පතේ සඳහන් වේ.

views

263 Views

Comments

arrow-up