පාපන්දු ලොව හැඩ කළ දැවැන්තයාගේ නාමය ශබ්දකෝෂයකට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

පාපන්දු ලොව හැඩ කළ දැවැන්තයාගේ නාමය ශබ්දකෝෂයකට

පාපන්දු ලොව හැඩ කළ දැවැන්තයාගේ නාමය ශබ්දකෝෂයකට

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ පිළිබඳව සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වනදා 82 හැවිරිදි වියේ පසු වූ මෙම සුපිරි තරුව දිවියෙන් සමුගන්නා ලදී.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඔහුගේ නම වන "පේලේ" යන්න ශබ්දකෝෂයක් සඳහා ඇතුළත් කර ඇත.

 

 

ඒ අනුව පෘතුගීසි භාෂාවෙන් රචිත ඉතා ජනප්‍රිය  ශබ්දකෝෂයක් වන "Michaelis dictionary" හි අසමසම සහ අද්විතීය යන වචන සඳහා සමාන පදයක් ලෙස පේලේ යන වචනය එකතුකර තිබේ.

views

229 Views

Comments

arrow-up