මෙරට ක්‍රිකට් පරිපාලනයේ දේශපාලන මැදිහත්වීම් සොයා බැලීමට ICC ක්‍රිකට් සභාපති දිවයිනට

මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් පවතින්නේ දැයි සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා සහ තවත් නියෝජිතයෙකු දිවයිනට පැමිණ තිබේ.
දේශපාලන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නැවත නැවතත් පැමිණිලි කිරීමෙන් අනතුරුව ICC විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව වාර්තා වන අතර එම කමිටුවේ සෙසු පුද්ගලයන් ලෙස කවාජා මහතා සහ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් පත් කර ඇත.
කවාජා මහතා ඊයේ මෙරටට පැමිණ ඇති අතර තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
180 Views
Comments