සුදු වෑන් සිද්ධියක් ගැන බොරු පැමිණිල්ලක් කළ ගානියා බැනිස්ටර්ට අධිචෝදනා

2019 වසරේ නොවැම්බර් මස සුදු වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකළ බවට පොලිසිය වෙත අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ල වී සිටින, කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ඇයට එරෙහි අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නීතිපතිවරයාට අවසර ලබාදී තිබේ.
නීතිපතිවරයා කර තිබූ ඉල්ලීමට අනුව මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නේය.
එම නඩුව ජුනි මස 15 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කරන ලදී.
2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකරමින් ප්‍රශ්න කළ බවට අසත්‍ය පැමිණිල්ලක් පොලිසිය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
294 Views
Comments