සැප බස් රියක් තුළ පිරිසක් එක්වී කළ අමුතු වැඩේ නුවරඑළිය පොලිසියට මාට්ටු

නුවරඑළිය - මහනුවර නගරාන්තර පෞද්ගලික බස් රථයක් තුළ මුදලට සූදු ක්‍රීඩාවේ නිරතව සිටි රියදුරන් සහ කොන්දොස්තරවරු 6 දෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයකට පිවිසෙන මාර්ගයක් අසල පිරිසක් සූදු ක්‍රීඩාවේ නිරතවන බවට නුවරඑළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුව තිබේ.
සැකකරුවන් සමග, රුපියල් ලක්ෂයක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, නුවරඑළිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
318 Views
Comments