රවී කරුණානායකගේ මෑණියන් කලුරිය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

රවී කරුණානායකගේ මෑණියන් කලුරිය කරයි

රවී කරුණානායකගේ මෑණියන් කලුරිය කරයි

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ මෑණියන් වන කාමි කරුණානායක මැතිණිය අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.

 

මිය යන විට 82 වැනි වියෙහි පසු වූ කරුණානායක මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා සමීපව කටයුතු කොට ඇති බව පැවසෙන අතර, ඇය කලක් රූපවාහිනියේ සම්බන්ධීකාරකවරියක් ලෙස ද කටයුතු කොට තිබේ.

 

 ඇගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද (19) පස්වරු 4.00 ට අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
 

views

283 Views

Comments

arrow-up