දූෂණ විරෝධී පනතට පැෆ්රල් සංවිධානයෙන් කොළ එළියක්

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත මගින්, වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින පුද්ගලයන්ගේ එම ප්‍රකාශන ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඕනෑම අයෙකුට පරීක්ෂා කිරීමේ හැකියාව සලසා ඇති බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටී.
එමෙන්ම, මෙම පනත් කෙටුම්පත මගින් මෙරට ජනාධිපතිවරයා ද ආවරණය කෙරෙන අතර, නව නීතිය යටතේ ඔහුටද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සිදු වනු ඇත.
නව නීතිය අදාල වන සියලුම දෙනා තම වත්කම් බැරකම් ප්‍රකාශන අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු වන අතර, ප්‍රකාශ ලබාදෙන පුද්ගලයින් විසින් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා තම තොරතුරු ලබා දිය යුතු වේ.
ඒවායේ ඇති යම් සංවේදී තොරතුරු ඉවත් කොට ජනතාවටද එම තොරතුරු වෙත සමීප විය හැකි ආකාරයට මෙම පද්ධතිය සැකසෙන අතර, මෙය ඉතා ප්‍රගතිශීලි වෙනසක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වැඩිදුරටත් කියා සිටී.
නමුත්, මෙම නීතියේ පවතින එක් ගැටළුවක් වන්නේ මෙහි තිබෙන වගන්ති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සහ සියලුම අනෙක් ලිඛිත නීති අබිබවා යන ප්‍රවණතාවයක් පැවතීම බව ද එම ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙයි.
242 Views
Comments