අසාධාරණ ලෙස සිරගත කළ දේශපාලන රැඳවියන් තිදෙනෙකුට වසර 14කට පසු නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

අසාධාරණ ලෙස සිරගත කළ දේශපාලන රැඳවියන් තිදෙනෙකුට වසර 14කට පසු නිදහස

අසාධාරණ ලෙස සිරගත කළ දේශපාලන රැඳවියන් තිදෙනෙකුට වසර 14කට පසු නිදහස

2009 වර්ෂයේ මැයි මාසයේදී එල්.ටී.ටී සංවිධානයේ සාමාජිකයින් බවට සැකපිට ආරක්ෂක අංශ විසින් මුලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනෙකුගේ දින 5000 කට ආසන්න කාලයක බන්ධනාගාර ජීවිතය අවසන් කරමින්  නිදහස් කිරීමට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා නියෝග කොට තිබේ.

 

ඔවුනට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට විනිසුරුවරයා විසින් තීරණය කෙරුණු අතර, මෙසේ නිදහස් කරන ලද්දේ යාපනය වේලනෙයි ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 45 ක් වූ ආර්. තිරුවරුල්, යාපනය,කරවෙඩ්ඩි ස්ථිර පදිංචි වයස අවුරුදු 34 ක් වූ එම්. සුලක්ෂන් හා මුලතිව් මුල්ලියාවලෙයි ස්ථිර පදිංචි වයස අවුරුදු 33 ක් වූ කේ. දර්ශන් යන අයයි.

 

වවුනියාව බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන්ව සිටියදී තමන්ට නිදහස ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඔවුන් උපවාසයකද නිරත වී ඇති බව වාර්තා වන අතර, ඉන් අනතුරුව ඔවුන් තිදෙනා හා තවත් දේශපාලන සිරකරුවන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරය වෙත මාරුකොට යවා තිබේ.

 

කිසිදු වරදක් නොමැතිව වසර 14 ක් තිස්සේ නිකරුණේ සිරගත කොට සිටි මොවුන් තිදෙනා වැනි තවත් දේශපාලන සිරකරුවන් රැසක් බන්ධනාගාරගත කර සිටින බව ද, ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද, මෙම නඩු විභාගය අවසානයේ මාධ්‍ය අමතමින් විත්තිකරුවන් වෙනුවෙන් 2013 වසරේ සිට පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා ප්‍රකාශ කොට සිටියේය.
 

views

284 Views

Comments

arrow-up