2008 වසරේ බෝම්බ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අයෙක් දිවි ඇති තෙක් සිරගෙට

2008 වසරේ කොළඹ, හෝටන් වටරවුම ප්‍රදේශයේදී මගී බස් රථයක බෝම්බයක් තබා පුපුරුවා හැර, මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ නාගලිංගම් මදනසේකරන් නමැති විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළේය.
මෙම චෝදනාවටම වරදකරු කෙරුණු මේ වනවිට අධිකරණය මඟහැර සිටින තවත් විත්තිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් කරයි.
228 Views
Comments