නීතිවිරෝධී ලෙස ගෙන්වූ බීඩි කොළ කිලෝ 379 ක් වෙන්නප්පුවෙන් අල්ලයි

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත අද වෙන්නප්පුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 379 ග්‍රෑම් 300 ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මෙහෙයුමේදී මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු උර 12 ක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කිරීමේදී බීඩි කොළ තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා බීඩි කොළ තොගය කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
338 Views
Comments