අම්පාරෙන් නව හූනන් විශේෂ දෙකක්

Chemaspis ගනයට අයත් නව දිවාසැරි හූනන් දෙදෙනෙකු අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ඇතාගල වනාන්තරයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ගල්ගිරිය වනාන්තරයෙන් හඳුනා ගෙන ඇති අතර ඊයේ දින (15) ඔවුන්ව විද්‍යාත්මකව ලෝකයට හඳුන්වා දුන් බව වාර්තා වේ.
ඇතාගල වනාන්තරයෙන් හමු වූ දිවාසැරි හූනු විශේෂය ජයවීරගේ දිවාසැරි හූනා ලෙසත් ගල්ගිරිය වනාන්තරයෙන් හමු වූ හූනු විශේෂය නානායක්කාරගේ දිවාසැරි හූනා ලෙසත් නම් කර ඇති බව සඳහන් වේ. මෙම හූනු විශේෂයන් ඉහත කී හුදකලා කඳුකර වනාන්තරයන්ට පමණක් සීමා වී තිබීම විශේෂත්වයකි. වර්තමානය වනවිට ඔවුන්ගේ ගහන ඝනත්වය ඉතා අඩු මට්ටමක පවතින බැවින් සහ ව්‍යාප්තිය සීමාසහිත බැවින් ඔවුන් දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති උරග විශේෂයන් බව පර්යේෂණ වලින් තහවුරු කර ඇත.
319 Views
Comments