MAR
09
පාසල් නිල ඇඳුම් බෙදා දීම කඩිනම් කෙරේ

චීන රජය විසින් ලංකාවට ප්‍රදානය කරන ලද පාසල් නිල ඇඳුම් වල අවසාන ප්‍රදානය මෙරට චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.
ඒ අනුව, මේ වනවිට විටත් ආරම්භ කර ඇති නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර නිල ඇඳුම් බෙදා අවසන් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා සිටියේය.
199 Views
Comments