හොරණ දී රිය අනතුරක් සිදු කර පළා ගිය සැකකරුවෙක් පොලිසියට කොටු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

හොරණ දී රිය අනතුරක් සිදු කර පළා ගිය සැකකරුවෙක් පොලිසියට කොටු වේ

හොරණ දී රිය අනතුරක් සිදු කර පළා  ගිය සැකකරුවෙක් පොලිසියට කොටු වේ

යතුරු පැදියක ගමන් කරමින් සිටි අඹු සැමි යුවළක් අනතුරට ලක් කර  පලාගිය සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම යුවළ ඉංගිරියේ සිට හොරණ දෙසට යතුරු පැදියෙන් පැමිණීමේදී හොරණ සිට ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ සැකකරු පැදවූ මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට බර ව ගොස් ඉදිරියෙන් පැමිණෙමින් තිබු යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

 

අනතුරින් පසු සැකකාර රියැදුරු මෝටර් රථය දමා පලා ගොස් පැය කීපයකට පසු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටී.

 

අනතුරින් යතුරු පැදියට බරපතල අලාභ සිදු වී තිබිණි.  තුවාල ලද අඹුසැමි යුවළ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසා සිටී.

 

සැකකරු හොරණ පර්ත් පැරඩයිස් ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

233 Views

Comments

arrow-up