කොටි තර්ජනයක් හේතුවෙන් මිනිපේ වැසියන් භීතියෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

කොටි තර්ජනයක් හේතුවෙන් මිනිපේ වැසියන් භීතියෙන්

කොටි තර්ජනයක් හේතුවෙන් මිනිපේ වැසියන් භීතියෙන්

තම ප්‍රදේශයේ සැරිසරන කොටින්ගේ ආක්‍රමණ වලට වහා පිළියමක් ලබා දෙන්නැයි මිනිපේ ගම්වාසීහු අදාළ අංශ වෙතින් ඉල්ලා සිටී.  හසලක, ගුරුළුපොත, හසලක නගරය සහ පල්ලේවත්ත යන ග්‍රාම නිලධාරි වසම්වල ජනතාව මෙම කොටි ආක්‍රමණ හමුවේ පීඩා විදින බව පවසා සිටී.

 

හොඳින් වැඩුණු කොටි සිවු දෙනකු කණ්ඩායම් දෙකක් වශයෙන් ගමෙහි සැරිසරන බවත්  සවස 6.00න් පසුව ගම්මාන කරා පැමිණ ගෙවතුවල නිදැල්ලේ සිටින කුඩා ගව පැටවුන් සහ නිවාසවල සුරතලයට ඇති කරන එළිමහනේ සිටින සුනඛයන් ඩැහැගෙන යන බවත් ගම්වාසීන්  පවසා සිටී.

 


මෙම සතුන් ග්‍රහණයෙන් බේරාගැනීමට කොටියා පලවා හැරීමට උත්සාහ කරන අවස්ථාවලදී කොටියා නිවැසියන් වෙත  කඩා පැනීමට සූදානම් වන බවද මොවුන් මිනිසුන්ට බියක් නොදක්වන බවද ඔවුන් පවසා සිටී.

 

 

මිනිස් ජීවිතයකට හානියක් වීමට පෙර මේ කොටින් ප්‍රදේශයෙන් ඉවත් කර වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් දැමීමට පියවර ගන්නා ලෙසද ගම්වාසීහු අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කර සිටී.

views

189 Views

Comments

arrow-up