නීති විරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් රේගු දැලේ පැටලෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

නීති විරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් රේගු දැලේ පැටලෙයි

නීති විරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් රේගු දැලේ පැටලෙයි

රේගුව විසින්, නීති විරෝධීව මෙරටට ගෙනා රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි රාජ්‍යයේ සිට පිටකොටුවේ ආයතනයකට රෙදි තොගයක් ලෙස සඳහන් කර එවා තිබූ අඩි 20 ක බහාලුමක් පිළිබඳව ඇති වූ සැකයක් මත කළ පරීක්ෂාවකදී මෙම දුම්වැටි තොගය සොයාගෙන තිබේ.

 

බහලුම හිමිකරුවන් විසින් නිදහස් කර ගත්තේ නම් රජයට රුපියල් කෝටි 40 ක පමණ බදු ආදායමක් අහිමි වන බව රේගු නිලධාරීන් පවසයි.

 

අදාල දුම්වැටි තොගය පිළිබඳ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය හරහා ඩුබායි හි පිහිටි නියෝජිත ආයතනයෙන් කරුණු විමසා ඇති අතර නීති විරෝධී ආයතන සහ පුද්ගලයන් පිළිබඳව ද රේගු ආදායම් පරීක්ෂණ අංශය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

මෙම දුම්වැටි ගබඩා කර තිබූ බහලුම ඔරුගොඩවත්තේ පිහිටි ආර්. පී. ටී. පර්යන්තයේ දී ඊයේ (22) පස්වරුවේ විවෘත කළ අතර එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද එක්ව සිටි බව වාර්තා වේ.

views

180 Views

Comments

arrow-up