පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ අයෙකු වසර තුනකට සිරගෙට

පිළිකා රෝගීන් දෙදෙනකු රවටා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වංචා කරන ලද තරුණයෙකුට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) නියම කර තිබේ. මෙලෙස දඬුවම් නියම වූයේ එරාවුර් පදිංචි විත්තිකරුවෙකුටය.
පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමට ආධාර උපකාර කරන ලෙසට සඳහන් කල පුවත්පත් දැන්වීමකට දුරකථන ඇමැතුම් ලබාදී පිළිකා රෝගීන් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට ඇතුළු වී සැකකරු මුදල් වංචා කර තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය.
අහිංසක පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇති මුදල් වංචා කිරීම හේතුවෙන් විත්තිකරුට අදාළ දඬුවම් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබේ.
තවද රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් එක්දහස් පන්සියක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියම කළ අධිකරණය වන්දි මුදල් සහ දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මගින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
222 Views
Comments