ත්‍රීරෝද රථ පහක් ඉස්සු සැකකරු පිටකෝට්ටේදී කොටු වෙයි

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන පොලිස් වසමේ පිටකෝට්ටේ දී සිදුකළ මෙහෙයුමක් අතරතුර ඊයේ (22) එම නිලධාරින් විසින් හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 560 ක් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 31 ක් වූ අත්අඩංගුවට ගත් සැකකරු නාවල පාර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තලංගම, කඩුවෙල, ග්‍රෑන්ඩ්පාස්, කොටුව හා කිරිබත්ගොඩ යන පොලිස් වසම්වලදී සොරකම් කරන ලද ත්‍රීරෝද රථ 5 ක් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී පොලිසිය සොයාගෙන ඇත. අද (23) සැකකරුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
181 Views
Comments