ඉන්දියාවේ සිට ගෙන එන පළමු බිත්තර තොගය මේ සතියේ දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

ඉන්දියාවේ සිට ගෙන එන පළමු බිත්තර තොගය මේ සතියේ දිවයිනට

ඉන්දියාවේ සිට ගෙන එන පළමු බිත්තර තොගය මේ සතියේ දිවයිනට

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ. වාර්තා වන්නේ, ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව යි.

 

හෙට දිනයේ ඉන්දියාවේ සිට මෙරටට අදාල බිත්තර තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. වාර්තා වන්නේ, මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව යි.

 

බිත්තරයක් සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පෙබරවාරි 21 වැනිදා සිට පනවා ඇති රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කර තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාල බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බව යි.

views

192 Views

Comments

arrow-up